පිස්තෝල පෑනක් සමඟ තරුණයකු අත්අඩංගුවට

කටුනායක, හීනටියන ප්‍රදේශයේදි පෑනක හැඩය ගත් පිස්තෝලයක් ලඟ තබාගෙන සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පැලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

සැකකරු 20 හැවිරිදි කටුනායක, හීනටියන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (25) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version