මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් විදේශිකයෙක් අල්ලයි

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නවසීලන්ත ජාතිකයෙකු ගාල්ල, වලහංදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

ගාල්ල අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව සැකකරු පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබූ ගංජා පැළ කිහිපයක් සහ උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අක්මීමන පොලීසියට භාර දී ඇත.

ඔහු අද(26) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version