උතුරේ පීඩාවට පත් දරුවන්ට සහන සැලසීමේ විශේෂ වැඩපිළිවෙලක්

උතුරු පළාතේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවාස හානියට පත්ව සිටින පාසල් දරුවන් සඳහා අමතර පාසල් නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන් මිළ දී ගැනීම සදහා වවුචරයක් ලබාදීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව පෙළපොත් හානියට පත්ව ඇත්නම් ඒ සඳහා අලුතින් පෙළ පොත් ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version