ශ්‍රීලනිප මූලස්ථානයට මුද්‍රා තබලා නෑ

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මුද්‍රා තැබූ බවට පළවන වාර්තා අසත්‍ය බව නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසූවේ පක්ෂ මූලස්ථානයේ සේවය කරන සේවකයන්ට වාර්ෂික නිවාඩු ලබා දී ඇති බවත් යළිත් ජනවාරි 01 දා සිට සුබ මොහොතින් කටයුතු ආරම්භ කරන බවත් සඳහන් කරනු ලැබිණි.

වර්ෂාවසානය නිසා බොහෝ මන්ත්‍රීවරුන් කොළඹින් බැහැරව සිටින බවත් මේ නිසා මූලස්ථානයේ විශේෂ රාජකාරී සිදුනොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version