ආණ්ඩුව පෙරළා දමන බව ඩිලාන් කියයි

වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බවත්, එම නිසා අවස්ථාවක් ලැබුණු වහාම ආණ්ඩුව නැවත වතාවක් පෙරළා දමන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

පළමු අවස්ථාවේදී කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත්, එහෙත් ගොඩනැගෙමින් තිබෙන නව බලවේගයට අනුව ආණ්ඩු බලය ලබාගන්නා බවත් එම පක්‍ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

තවද වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම‍ට තම පක්ෂය ඇතුළු කණ්ඩායමේ සහයෝගය ලබාදෙන බවත් මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version