කප්පම් ඉල්ලු අයෙක්ට වැඩ වරදී

ජංගම දුරකථන මගින් කප්පම් ඉල්ලා පුද්ගලයින්ට මරණ තර්ජන සිදු කළ අයෙකු කඩවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විවිධ ජංගම දුරකථන අංක මඟින් ඇමතුම් ලබා දෙමින් රුපියල් ලක්ෂ 30 ක කප්පම් ඉල්ලා මරණ තර්ජන එල්ල කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

30 හැවිරිදි සැකකරු කඩවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද(31) මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version