වන අලි ගම්වැදීම් ඉහළට

උතුරු ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට වන අලි ගම්වැදීම් ඉහළ ගොස් ඇත.

විශේෂයෙන් කවුඩුල්ල, කලාවැව, මොරගහකන්ද, මින්නේරිය යන ජලාශ වාන් දැමීමට පටන්ගැනීමත් සමඟ ඒ අවට ජීවත් වූ වන අලි ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ජලාශ වාන් දැමීමත් සමඟ තෘණ භූමි ජලයෙන් යටවී අැත.

වන අලින්ගේ වාසභූමි ජලයෙන් යටවීමත් සමඟ ඔවුන් එම ප්‍රදේශවල ජීවත් වීමට දැඩි අකමැත්තක් දක්වන බව සිදුකළ සමීක්ෂණ වලදී අනාවරණය වී අැත.

පවතින තත්ත්වය හමුවේ අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලට දැඩි බලපෑම් එල්ලවී ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කළේය.

Exit mobile version