කුලියට ගත් කාර් වංචා කල 2ක් දැලේ

හෝමාගම පොලිස් ස්ථානයට වාර්ථා වී තිබූ කුලී පදනම මත කාර් රථ ලබාගෙන රැගෙන ගොස් වංචා කිරීමේ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද(02) උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අැති අතර වංචා කර රැගෙන යන ලද කාර් 03ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස 37 හා 56 යන වයස් වල පසුවන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Exit mobile version