සාමාන්‍ය පෙළ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ඇරඹේ

පසුගිය වස‍රේ (2018) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන 08 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

මධ්‍යස්ථාන 29කදී ලබන 17 වනදා දක්වා ඇගයීම් සිදු කිරීමට නියමිතයි.

ඇගයීම් සඳහා යොදා ගන්නා පාසල් 06ක්  අදාළ කාලය තුළ සම්පූර්ණයෙන් වසා දැමෙන අතර සෙසු පාසල් 23 වසා දැමිමකින් තොරව අධ්‍යයන කටයුතු පවත්වාගෙන යන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු පසුගිය 23 වනදා සිට ජනවාරි 01 වනදා දක්වා පැවැත්විණි.

Exit mobile version