හෙරොයින් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ තරුණයෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලීසියේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 680ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු අද (03) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version