අද (03) දින නව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී තිබේ.
නව ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයෙක් හමුවු පළමු අවස්ථාව ද මෙය වන අතර සම්ප්‍රදාය ඉටු කරමින් ජනාධිපති නිල නිවස වෙත පැමිණි නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයා හමු වූ අතර සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.