සන්ධාන මන්ත්‍රීවරු 4ක් පොහොට්ටුවට

මොරටුව මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු එම මහනගර සභාවේ බලය හිමි පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී තිබේ.

අද (03) පැවැති සභාවාරයේදී ඔවුන් සිව් දෙනා තම පක්ෂයේ වැඩපිළිවෙලට කොන්දේසි විරහිතව සහය පල කළ බව මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමට අනුව මොරටුව මහ නගර සභාවට  පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 23 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රී  16 දෙනෙකු, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරු සිව් දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු සිව් දෙනෙකු සහ ජාතික ජනතා පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙකු ලෙස මන්ත්‍රීවරුන් 48 දෙනෙකු තේරී පත්ව තිබුණි.

නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරයා ද මීට ඉහතදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පල කර තිබූ බවයි.

මේ වන විට මොරටුව  මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 28 දෙනෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version