කුඩු සමඟ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

පානදුර, අරුක්ගොඩ වටරවුම පාර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 28ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් මොරටුව සහ පානදුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් අද(05) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

පානදුර දකුණ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version