අයවැය පාර්ලිමේන්තුවට මාර්තු 05 – ඡන්ද විමසීම අප්‍රේල් 04

මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක 2019 වසරේ ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් 04 දා පැවැත්වෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර තිබේ.

අයවැය මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව අයවැය විවාදය මාසයක පමණ කාලයක් පැවැත්වෙනු ඇත.

රාජ්‍ය ආදායම දළ දේශීය නිශ්පාදිතයන් 17%කට වඩා වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

Exit mobile version