තැන් දෙකක දී කාන්තාවන් 2ක් ඝාතනය වෙයි

දික්වැල්ල සහ අයගම ප්‍රදේශවලදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

ඊයේ(10) රාත්‍රීයේ දික්වැල්ල, කෝට්ටේගොඩ ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් 26 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවට වාර්තා වෙයි.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පැවසීය.

මේ අතර අයගම, වතුකාරගම ප්‍රදේශයේ නිවසක් තුළදී 83 හැවිරිදි කාන්තාවක් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(11) සිදු කිරීමට නියමිතයි.

Exit mobile version