වචනවලට කොටු වී ව්‍යවස්ථා සෑදීම කළ නොහැක – මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

වචනවලට කොටු වී ව්‍යවස්ථා සෑදීම කළ නොහැකි බවත් වැඩි පිරිස පිළිගන්නා ව්‍යවස්ථාවක් සෑදිය යුතු බවත් මේ සඳහා සැගවුණු න්‍යාය පත්‍ර නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

දැන් යෝජනාවක් ඇවිත් තිබෙනවා. මෙය ව්‍යවස්ථාවක් නොවේ. අතුරු කමිටු යෝජනාවක් විවාදය කරන්නේ. අද මේ සමහර කොටස් මේ ක්‍රමයට විරුද්ධයි. තේරුම් ගන්න අපහසුයි. 13 සංශෝධනය ගේනකොට හර්තාල් ඇති වුණා. රට බෙදනවා කිව්වා. රට ඇත්තටම බෙදුණද? එදා ජීවිත අහිමි වුණා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මේ ප්‍රශ්නය විසඳන්න ඕන. වගකීමේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක විය යුතුයි.

බියක් ඇති කර තිබෙනවා රට බෙදන්න යනවා කියල. අපි කවුරුත් එකඟ නෑ මේ කුඩා රාජ්‍ය බෙදනවාට. මෙයට සැගවුණු න්‍යාය පත්‍ර නෑ. ව්‍යවස්ථා කෙටුම්පත හදනකොට විපක්ෂයේ අඳහස් එකතු කරලයි එම කෙටුම්පත හදන්නේ. ව්‍යවස්ථාව හදන්නේ ජාතික ප්‍රශ්නය විසඳන්න පමණක් නොවේ. කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථවෙන් සීමා කළ යුතු නැද්ද? මැතිවරණ දිනයන් ව්‍යවස්ථාපිත කළ යුතු නැද්ද? යැයි ද අමාත්‍යවරයා ප්‍රශ්න කරමින් අඳහස් දැක්වීය.

අමාත්‍යවරයා අද (31) පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමිනි.

Exit mobile version