ජනාධිපති නීතිඥවරු 25ක් දිවුරුම් දෙයි

ජනාධිපති නීතිඥවරු 25 දෙනෙකු අද(18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නීතිඥවරු 25 දෙනා පත් කරන ලදී.

නීතිඥවරු 25 දෙනා අද පෙරවරුවේ අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දිවුරුම් දීම සිදු කර ඇති බවට වාර්තා වෙයි.

උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන උත්සව ශාලාවේ පැවති මෙම දිවුරුම් දීමේ උත්සවයට අභියාචනාධිකරණය, මහාධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණ නියෝජනය කරන විනිසුරුවරුන් එක්ව සිටියේය.

Exit mobile version