“මෙත්සද සෙවණ” මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය, මාදම්පිටිය, හේනමුල්ල ප්‍රදේශයේ ඉදිවූ “මෙත්සද සෙවණ” මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය ඊයේ (30) සිදු විය.

“මෙත්සද සෙවණ” මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර යටතේ නිවාස 218 ක් ඉදිකර තිබෙන අතර, එය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් සහ දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Exit mobile version