නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට පියවර

නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව දීඝවාපිය රාජමහා විහාරස්ථානයේ සහ අරන්තලාව ශ්‍රී ඉන්ද්‍ර සාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව භික්ෂු මධ්‍යස්ථාන 02 ක් ආරම්භ කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

මේ අතරින් එක් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත ඓතිහාසික දීඝවාපිය රජමහා විහාරය නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රධානතම විහාරස්ථානය ලෙසද සැලකෙයි.

Exit mobile version