ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් සහ ජීව පතොරම් 05 ක් සමඟ සැකකරුවෙකුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(27) රාත්‍රී 10.00 ට පමණ කරුවලගස්වැව – මී ඔය රක්ෂිතයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සහ ගිනි අවියද, ජීව පතුරම්ද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Exit mobile version