රවීන්ද්‍ර යසස් අනතුරක

ජනප‍්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත‍්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය බණ්ඩාරගමදී හදිසි අනතුරකට ලක්ව තිබේ.

අනතුරෙන් සුළු තුවාල ලැබු ඒ මහතා ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හොරණ මුලික රෝහලටයි.

අද(28) අළුයම 4.30 පමණ බණ්ඩාරගම ගම්මන්පිල ප‍්‍රදේශයේ දි සිය මෝටර් රථයෙන් කරමින් සිටියදි රවීන්ද්‍ර යසස්  මහතා මෙම අනතුරට ලක්ව තිබේ.

මෝටර් රථය ඔහුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

Exit mobile version