දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(29) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන අැත.

එම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත බවටයි සඳහන් වන්නේ.

සැකකරු කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඩුබායි හි රැකියා කළ අයෙකි.

රුපියල් ලක්ෂ 18 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත “ටොප් මවුන්ටන් ” වර්ගයේ දුම්වැටි 33,800ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් සහ තවත් පැකට් 190 ක් ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඔහුගේ ඇදුම් අතර සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන අැති බවටයි වාර්තා වන්නේ.

Exit mobile version