තිසරගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක්

තමන් එක් තරගයක් හෝ අසාර්ථක වූ විට කණ්ඩායමේන් ඉවත් කරන බව තමන් හොඳින්ම දන්නා බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිසර පෙරේරා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලිද සිල්වා මහතා වෙත තිසර යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.

ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසානයක් අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.

ලෝක කුසලානයක් අතළග පවතින අවස්ථාවේදී කණ්ඩායම බෙදී වෙන්වුණු කණ්ඩායමක් ලෙස නොව එක් ඒකකයක් ලෙස ඉදිරියට යා යුතු බවත් ඔහු සඳහන් කරයි.

Exit mobile version