මුතුරාජවෙල වන සංරක්ෂිතයට කැලිකසල දැමීමට එරෙහි පෙත්සම විභාගයට අවසර ලැබෙයි

මුතුරාජවෙල වන සංරක්ෂිත කලාපය තුළට කැලිකසල බැහැර කිරිමට එරෙහිව එම ප්‍රදේශවාසීන් ඉදිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
පෙත්සම ලබන මාර්තු 12 වනදා විභාගයට ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන් අතර අදාල සංරක්ෂිත කලාපය තුළට කැලිකසල බැහැර කිරිම වලක්වාලමින් ස්ථීර තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇත.
පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් අදාල තහනම් නියෝගය බලපැවැත්වෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ.
මුතුරාජවෙල වන සංරක්ෂණ කලාපයට කැලිකසල බැහැර කිරිම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව කොළඹ මහානගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත. ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් භූමියක කැලිකසල බැහැර කිරිමට කටයුතු කර ඇති බව කොළඹ මහනගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
Exit mobile version