නිදහස් දින සැමරුමට විශේෂ රථ වාහන සැලැස්මක්

අද (03) දින නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙරහුරුවක් පැවැත්වෙන බැවින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ අද උදෑසන 06.30 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ කොල්ලුපිටිය හංදියේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා ඇති මාර්ගය වසා තැබෙන බවයි.

එසේම නිදහස් දින උළෙල පැවැත්වෙන හෙට දිනයේද,  උදැසන 5.00 සිට එම මාර්ගය වසා තැබෙන අතර එම වේලාවන් තුළ විකල්ප මාර්ග භාවිත කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කොල්ලුපිටිය දෙසින් කොළඹට අතුල්වන රථවාහන සඳහා කොල්ලුපිටිය හංදියෙන් දකුණට හරවා ගමන් කිරීමට හැකි අතර, කොළඹින් පිටවන රථවාහන ඕල්කට් මාවත, පංචිකාවත්ත හරහා මරදාන දෙසින් ගමන් කළ හැකියි.

Exit mobile version