රැදවියන්ට පහරදීමේ සිද්ධියේ දෙවන කමිටු වාර්තාව අද තලතාට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ දෙවන කණ්ඩායමේ කමිටු වාර්තාව අද(05) පස්වරුවේ ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම වාර්තාව අද පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියට ලබාදීමෙන් අනතුරුව පළමු කණ්ඩායමේ කමිටු වාර්තාව ද අධ්‍යනය කර ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මස 22 වන දින අඟුණකොළපැලැස්ස බන්ධාගාරයේ රැඳවියන්ට එහි ප්‍රධානීන් විසින් ඉතා අමානුෂික ලෙස පහර දෙන විඩියෝවක් මාධ්‍ය වෙත ඉදිරිපත්ව තිබුණි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කණ්ඩායම් 2ක් පත් කරනු ලැබුවේය.

දෙපාර්තමේන්තු මට්ටමින් සිදුකළ ත්‍රීපුද්ගල කණ්ඩායමේ කමිටු වාර්තාව පසුගිය ජනවාරි 21 වැනි දින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වෙත භාරදී තිබුණේය.

Exit mobile version