පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

නැගෙනහිර, ඌව හා උතුරු මැද යන පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාත හැර සෙසු පළාත්වල ‍තැනින් තැන විශේෂයෙන් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව, බස්නාහිර පළාත්වල ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර 75 ට වැඩි තරමක වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි.

Exit mobile version