රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට රැකියා

රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට, මේ වසරේ දී රැකියා ලබාදීමට කටයුතු කරන බව රජ්‍ය ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද(06) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

රැකියා විරහිත උපාධිධාරීන්ට අදියරයෙන් අදියර රැකියා ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණ ද දේශපාලන අර්බුදය හේතුවෙන් එම කටයුතු අඩාල වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

රජයක් ලෙස රැකියා ප‍්‍රශ්නය විසඳීමට අවශ්‍ය සෑම පියවරක් ම ගැනීමට කටයුතු කරනු ලබයි.

උපාධියට සරිලන පරිදි සංවර්ධන නිලධාරි පුරප්පාඩු සඳහා රැකියා ගත කිරීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

Exit mobile version