ඉන්දීය – ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ කුසල් හා අසේල අැතුළත් නොවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර නොවැම්බර් 16 දා අාරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට අසේල ගුණරත්න හා කුසල් ජනිත් පෙරේරා සලකා නොබැලීමට තීරණය කර අැත.

ඒ කුසල් ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ද, අසේල ඉන්දිය තරගාවලියේ ද අාබාධයකට ලක්වුහ. ඔවුන් අාබාධවලින් සුවය ලබා අැතත් ක්‍රීඩා කිරිම සදහා තවමත් ශාරීරික යෝග්‍යතාවයෙන් ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන්ව ටෙස්ට් තරගාවලියට සලකා නොබලා අැත.

තරගාවලිය සදහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර එම ක්‍රිඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඊයේ (01) යොමු කර අැති අතර එම 15 දෙනා අතරට කුසල් හා අසේල අැතුළත් නොවේ.

Exit mobile version