ළඟදීම තවත් ඖෂධ වර්ග 27ක මිල පහතට

තවත් ඖෂධ වර්ග 27ක මිල පාලනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනූව මිල පාලනය කළ ඖෂධ වර්ග ගණන 100 දක්වා ඉහළ යන බව ද අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අද(08) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරුණි.

Exit mobile version