වසරේ ගත වූ කාලය තුළ කුඩු කිලෝග‍්‍රෑම් 113ක් අත්අඩංගුවට

වසරේ ගත වූ දින 39 ක කාල සීමාව තුළ හෙරොයින් කිලෝග‍්‍රෑම් 113 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සැකකරුවන් 4 370 ක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවයි.

වසරේ ගත වූ කාල සීමාව තුළ ගංජා කිලෝ 956 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගංජා ළග තබාගෙන සිටි සැකකරුවන් ගණන 4 448 ක්.

කොකේන් කිලෝ 02 ක් සහ සැකකරුවන් 16 දෙනෙකු මේ වසරේ ගත වූ කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

2015 වසරේ සිට ගත වූ වසර 03 තුළ පමණක් සොයාගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 1 412 ක්.

ගත වූ වසරේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 40 987 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම වසරේ සොයාගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 739 ක්.

Exit mobile version