චානුකගේ නඩුවත් ලබන මසට කල්යයි

මහ බැංකුව මඟින් නිකුත් කළ බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව මාර්තු මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබීය.

මෙහිදී එක් විත්තිකරුවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුව මාර්තු මස 25 වැනිදා කැඳවන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

මහ බැංකුවෙන් ලබාගත් බලපත්‍රයක් නොමැතිව එනට්‍රස්ට් නැමැති මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තුළින් මූල්‍ය සමාගම් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව චානුක රත්වත්තේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබේ.

Exit mobile version