නිවසේ නිදා සිටි මවට හා දැරියට ඇසිඩ් ප්‍රහාරයක් – මව මරුට

කඹුරුපිටිය, බෝලගෙවත්ත, රත්කැකුලාව යන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා දැරියක් නිවසේ නිදා සිටිය දී ඊයේ(14) රාත්‍රී 10.30 ට පමණ නිවසට ඇතුළු වු දෙදෙනෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබේ.

එහිදී කාන්තාව හා දැරිය කඹුරුපිටිය ආඳපාන රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක් වු ප්‍රකාපසිංහ ආරච්චිගේ විජිතා නම් කාන්තාවකි.

දැරිය විසින් ප්‍රකාශයක් ලබා දෙමින් පවසා අැත්තේ, මවගෙන් වෙන්ව සිටින සිය පියා තවත් පුද්ගලයෙකු සමඟ රාත්‍රී කාලයේ මෙලෙස පැමිණ ඇසිඩ් ප්‍රහාරය එල්ල කඑ ඇති බවයි.

Exit mobile version