ජපාන අගමැතිගේ විශේෂ නියෝජිතයෙකු මෙරටට

අද (15) දින ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙකු දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

දෙදින නිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයෙකු මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන කෙන්ටාරෝ සොනොවුරා මහතා අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට ජපාන තානාපති කාර්යාලය පැවසීය.

සිය සංචාරය තුළදී ඔහු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජපානය තානාපති කාර්යාලය සඳහන් කළේය.

Exit mobile version