කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ(14) දින ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මෙම සැක කටයුතු පුද්ගලයා පරීක්‍ෂාවට ලක්කර ඇත.

එහිදී ඔහු‍ගේ ගමන්මළුවේ තිබී කේරළ ගංජා ක්‍රිලෝ ග්‍රෑම් 02 ක්, රුපියල් 4,610 ක මුදලක් ද ප්‍රවාහනය සඳහා භාවිතා කළ යතුරුපැදිය ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, කේරළ ගංජා තොගය, මුදල් සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Exit mobile version