කිලිනොච්චිය මහ රෝහලේ දෙවන අදියර ඇරඹෙයි

කිලිනොච්චිය මහ රෝහල් සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර අද(15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආරම්භ කෙරිණි.

නව ගොඩනැඟිලි සංකීර්ණයක්, වාට්ටු හා ශල්‍යාගාර, නවීන වෛද්‍ය පහසුකම් ගණනාවක් ද මෙම දෙවන අදියරට අයත්ය.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරිණි.

කිලිනොච්චිය රෝහල සඳහා නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ පරිත්‍යාග කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් අද සිදු කෙරිණි.

Exit mobile version