නිති විරෝධීව මසුන් ඇල්ලූ 2ක් අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් සතුව තිබූ කකුළුවන් ඇල්ලීම සඳහා භාවිතා කරන දැල්, කකුළුවන් කිලෝ 03 ක් සහ ඩිංගි යාත්‍රාක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කකුළුවන්, දැල් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Exit mobile version