දියේ ගිලී විදේශිකයෙක් මරුට

ගල්කිස්ස මුහුදු තීරයේදී ඊයේ(15) සවස දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී බරපතල තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 77ක් වූ ඩේවිඩ් ඇන්තනී කිර්බි නැමැති එංගලන්ත ජාතිකයෙකි.

මරණකරු ඇගේ බිරිඳ සමඟ ගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටියදී දිය රැල්ලකට හසුව දියේ ගිලී රෝහල් ගත කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(16) දින සිදු කිරීමට නියමිතයි.

වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය පවත්වාගෙන යනු ලබයි.

Exit mobile version