“සියතුරුගම” උදා ගම්මානය අද ජනතා අයිතියට

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පඩවිගම ඉදිවූ “සියතුරුගම” උදා ගම්මානය අද (06)  ජනතා අයිතියට පැවරේ.
නව නිවාස 23කින් සමන්විත මෙම උදා ගම්මානය ජලය හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම් මෙන් ම ප්‍රවේශ මාර්ගවලින් ද සමන්විත වේ.
මෙම අවස්ථාවට සමඟාමී ව “විසිරි ණය”ලාභීන් 600කට රුපියල් ලක්ෂ 1600ක් වටිනා චෙක්පත් ලබාදීම, “සැමට සෙවණ – සපලාරු වැඩසටහන” යටතේ රුපියල් ලක්ෂ 13ක වියදමින් ප්‍රතිලාභීන් 150කට ප්‍රතිලාභ ලබාදීම, රුපියල් ලක්ෂ 70ක වියදමින් “ශිල්ප සවිය” ශිල්පීන් 140ක් සඳහා ප්‍රතිලාභ පිරිනැමීම ආදී කටයුතු රැසක් සිදු කිරීමට ද නියමිතය.
Exit mobile version