ව්‍යාජ මුදල් නොට්ටු තැන්පත් කරන්න ආ අයෙක් මාට්ටු

ගල්කිස්ස ප්‍රදේශයේ බැංකුවකට ව්‍යාජ රුපියල් 5000 නොට්ටු 5ක් තැන්පත් කිරීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බැංකු නිලධාරීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු 44 හැවිරිදි තිහගොඩ, කෝමංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු අද(22) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version