ත්‍රීරෝද රථ 2ක් ගැටී අයෙක් මරුට

ඇහැළියගොඩ පනාවල මාර්ගයේ ධර්මපාල විද්‍යාලය අසලදී ඊයේ(21) සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

අනතුරින් එක් ත්‍රිරෝද රථයක රියදුරෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු 42හැවිරිදි දෙදරු පියෙක් වෙයි.

අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

Exit mobile version