බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ 3ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ තරුණයින් තිදෙනෙකු මාවනැල්ල, ඉලුක්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී අද(23) අළුයම 01.30ට පමණ සැකකටයුතු යතුරුපැදියක් නවතා පරික්ෂා කිරිමේදී එම ගිනි අවිය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් සතුව තිබී පතරොම් තුවක්කුවක් එම උණ්ඩ 02ක් සහ පිහියක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 18ත් 23ත් අතර වයසේ පසුවන තරුණයින් තිදෙනෙකු බවට සඳහන් වෙයි.

ඔවුන් අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Exit mobile version