රිය අනතුරු වලින් දෙදෙනෙකු මරුට

මන්නාරම – තලෙයිමන්නාරම මාර්ගයේ පෙරිය කර්ෂල් නිවාස සීය හංදියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පාපැදිකරු පේසාලේ රෝහලට ඇතුළත් කිරීමේ දි මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මේ අතර පන්විල, මඩොල්කැලේ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් අයෙකු ප්‍රතිකාර සඳහා මඩොල්කැලේ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

Exit mobile version