මනෝගෙන් ඉල්ලීමක්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන දේශාපාලනඥයින් නම් කිරිමට කටයුතු කළ යුතු බව ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

දැරණියගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එවැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතු වුවත් සමස්ත පාර්ලිමේන්තුව නියෝජනය වන සේ චෝදනා කිරීම සුදුසු නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අවංකව, කැපවීමෙන් ජනතාව වෙනුවෙන් සේවය කරන මැති ඇමතිවරු සිටින බවත්, අනිත් අයට බනිනවා සේම එවැනි අයට ප්‍රශංසා කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එසේත් නොමැති නම් එවැනි අයට නිහඬව හෝ සිටීමට ඉඩ ලබා දෙන ලෙසත් මනෝ ගනේෂන් මහතා මෙහිදී ඉල්ලීමක් කරමින් පැවසීය.

Exit mobile version