රන් බිස්කට් 04 ක් මෙරටට ගෙන ආ අයෙක් අත්අඩංගුවට

රන් බිස්කට් 04 ක් සඟවා ගෙන මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉනෙහි බදින පටියෙහි ඇතුළු පැත්තේ මෙම රන් බිස්කට් 04 ක් සඟවා ගෙන පැමිණ තිබේ.

අදාළ පුද්ගලයා කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් බවට වාර්තා වෙයි.

මොහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ ග්‍රෑම් 100 බැගින් වූ රන් බිස්කට් හතරෙහි මුළු බර ග්‍රෑම් 400 ක් වූ අතර, ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version