චලක චමුපති රිය අනතුරකට

කොළඹ – කඩුවෙල ප්‍රධාන මාර්ගයේ  සිදු වූ අනතුරකින් මිල්ටන් පෙරේරාගේ පුත් ජනප්‍රිය ගායක චලක චමුපති තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

අද (26) අළුයම මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

කඩුවෙල සිට පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අසළ තිබූ ඇළකට වැටී තිබේ.

පරණ අවිස්සාවේල්ල මාර්ගයේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුර ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙ බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version