ටී-56 ගිනි අවියක් සමඟ හමුදා කෝප්‍රල්වරයෙක් දැලේ

ඇල්පිටිය දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් ටී-56 ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්වල බටපොල මාර්ගයේ දී කහටපිටිය ප්‍රදේශයේදි අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් නවතා පරික්ෂා කිරීමේ දී පැදිකරු සතු ගමන් මල්ලක තිබි ටී-56 ගිනි අවියක්, ටී56 ජිව උන්ඩ 28, පතුරම් ගැබක්, මුහුණු ආවර‍ණ 2, හමුදා නිල ඇඳුමක කොටසක් හා වතුර බෝතලයක් සොයා ගැනිමට හැකි වී තිබේ.

ගාල්ල හියාරේ ඇටබගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කිසියම් අපරාධයක් සිදු කිරිමට මෙම ගිනි අවිය බටපොල ප්‍රදේශයට රැගෙන ආවේ දැයි පොලීසිය සැක පලකරයි.

මෙම සැකකරු අද(26) සවස බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරි පත්කර තිබේ.

Exit mobile version