නාලක යළි රිමාන්ඩ් – ඉන්දියානු ජාතිකයා නිදහස් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මර්සිලින් තෝමස් නමැති ඉන්දීය ජාතිකයා මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද(27) කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රීයාමාර්ග නොගන්නා බවත් මෙම සැකකරු මුදාහරින ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ සැකකරු මුදාහැරීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා නියෝග කළේය.

එහෙත් මෙම සැකකරුට එරෙහිව වීසා නොමැතිව මෙරට රැදී සිටීම සම්බන්ධයෙන් එම ආගමන සහ විගමන පනත යටතේ කටයුතු කරන බව රහස් පොලිසිය දන්වා සිටියේය. ඒ අනුව අදාළ සැකකරු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තවදුරටත් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Exit mobile version