රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

මන්නාරම-යාපනය මාර්ගයේ ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේ දී යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයා මුලංකෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි ඉලුප්පුකඩවෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මීගමුව කොප්පරා හංදිය අසල ප්‍රදේශයේදී ද ලොරි රථයක ගැටීමෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

Exit mobile version