උතුරේ විනාශ වූ පාසල් හදන්න මිලියන 31ක්

පසුගියදා උතුරට බලපෑ ගංවතුරෙන් වැඩිම විපත් වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයේ ආපදාවට ලක් වූ පාසල් 11ක් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 31.5 ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ ගංවතුර හේතුවෙන් බලපෑමකට ලක් වූ කිළිනොච්චියේ පාසල් කිහිපයක් පරික්ෂා කිරීම සඳහා ගිය අවස්ථාවේදී එම පාසල්හි විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙන්ම පාසල් දරු දැරියන්ද හමු වූ අවස්ථාවේදීය.

පසුගියදා උතුරු පළාතේ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයන්ට ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප‍්‍රදේශවල පාසල් 11කට දැඩි අලාභහානි සිදු වූ අතර ඒ පිළිබඳව පූර්ණ පරික්ෂණයක් කිරීමෙන් ලබාගත් නිර්දේශ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලිමකට අනුව මුලතිව් දිස්ත‍්‍රික්කයේ පාසල් 8ක් සහ කිළිනොච්චි දිස්ත‍්‍රික්කයේ පාසල් 3ක් සඳහා අබලන් වී ඇති පන්ති කාමර හා ගොඩනැගිලි නැවත සංවර්ධනය කිරීමට මෙම රුපියල් ලක්ෂ 31ක මුදල ලබා දී ඇත.

Exit mobile version